විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු ඇමතුම් වලින් 880 ක් නිරෝධායනයට


කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් සම්බන්ධ දැනුම්   දීමේ අරමුණි පොලිස් මූලස්ථානය ස්ථාපිත කළ  විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකතන ඇමැතුම් සමඟ මේ වන විට පුද්ගලයින්  880  දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය  පොලිස්පති   අජිත් රෝහණ මහතා අද(16) පැවසීය.
 
ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් මෙලෙස  නිරෝධායන කටයුතුවලට යොමු කර  ඇතැයිද  අජිත් රෝහණ මහතා එහිදී කීවේය.
 
ප්‍රවෘත්ති අමාත්‍යංශයේදී මේ වන විට   පැවැත්වෙන සාකච්ඡාවේදී  නියෝජ්‍ය පොලිස්පතිවරයා  කීවේය.
 
කොරෝනා  වයිරසය  නිරෝධායන ට සහය දැක්වීමේ අරමුණින්   එම  සිද්ධීන් දැනුම් දීම සදහා   පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත ඊයේ ( 15) ස්ථාපිත කෙරිණි.
 
එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු     0112-444480/ 0112-444481/  0115-978730/ 0115-978734/  011-5 978720    යන අංක හා    [email protected]  විද්‍යුත්  තැපෑල් ඔස්සේ   මහජනයාට  තොරතුරු ලබා දිය හැකිය.